දත්ත සහ තොරතුරු - e-පංතිය

නව පාඩම්

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, November 18, 2017

දත්ත සහ තොරතුරු



දත්ත (Data)
වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන, රූප  සහ සලකුණු දත්ත (Data) ලෙස හැඳින්වේ.

තොරතුරු (Information)
අර්ථාන්විතව සකස්ද කරන ලද දත්ත තොරතුරු (Information) නම් වේ.  එම තොරතුරු, තීරණ ගැනීම සඳහා අපට උපකාරී වනු ඇත.

දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය (Input) ලෙසත් සකස් වූ තොරතුරු ලබා ගැනීම ප්‍රතිදානය (Output) ලෙසත් හැඳින්වේ. 

උදාහරණ 

පාසල් වාර විභාගය අවසානයේ දී පන්තියේ ළමයින්ගේ නම් සහ භාෂාව,ගණිතය, විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍යය සහ ඉංග්‍රීසි සඳහා ලබාගත් ලකුණු වෙන වෙන ම සටහන් කළහොත් ඉන් එක්වර විෂය හා ලකුණු පිළිබඳ අදහසක් ලබා ගැනීමට නොහැකි වේ.එහෙත් මෙම ලකුණු පහත ආකාරයෙන් වගු ගත කළ හැකි ය.

ගයාන්  78, 90, 79, 67, 76, 78
මෙලනි  87, 70, 80, 75, 80,80
පුජනී 76, 78, 67, 80, 79, 76

නම භාෂාව ගණිතය විද්‍යාව ඉතිහාසය සෞඛ්‍යය ඉංග්‍රීසි
ගයාන් 78 90 79 67 76 78
මෙලනි 87 70 80 75 80 80
පුජනී 76 78 67 80 79 76

මෙම වගුව තුළින් ළමයින්ගේ ලකුණු පිළිබඳ තොරතුරු දිස්වුවද , එම තොරතුරු  නිගමන සඳහා ප්‍රමාණවත් නොවේ. 

එහෙත් එම  ලකුණු පහත අයුරින් ගණනය කල විට තොරතුරු නිර්මාණය වන අතර එම  තොරතුරු නිගමන සඳහා ප්‍රමාණවත් වේ.

නම භාෂාව ගණිතය විද්‍යාව ඉතිහාසය සෞඛ්‍යය ඉංග්‍රීසි මුළු ලකුණු  සාමාන්‍ය  ස්ථානය 
ගයාන් 78 90 79 67 76 78 468 78 3
මෙලනි 87 70 80 75 80 80 456 76 2
පුජනී 76 78 67 80 79 76 472 78.66 1

ඉහත  වගුව මගින් එක් එක් ළමයාගේ මුළු ලකුණු, ඔවුන්ගේ සාමාන්‍ය ලකුණ, ඔවුන්ගේ විෂය දක්ෂතාව, ස්ථානය ආදී තොරතුරු  දැනගත හැකි ය.

දත්ත සකස් කර ගැනීමෙන්  ලබා ගන්නා සෑමතොරතුරක් ම තීරණ ගැනීම් සඳහා සුදුසු නොවේ. එම තොරතුර ගුණාත්මක බවින් යුක්ත විය යුතුය.


ගුණාත්මක තොරතුරක තිබිය යුතු ලක්ෂණ
  • අදාළ බව
  • අංග සම්පූර්ණ බව
  • කාලීන බව
  • පිරිවැය අවම වීම 

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here