ජීවීන්ගේ දේහ විවිධ රසායනික සංයෝග රැසකින් සමන්විත වේ. මෙම සංයෝග සෑදී ඇත්තේ විවිධ මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් සංයෝජනය වීමෙනි. ස්වාභාවික ව පවතින මූලද්‍රව්‍ය 92 අතරින් 25ක් පමණ ජීවී දේහ තුළ අඩංගු වේ. මේවා විවිධ ආකාරයෙන් දේහයේ විවිධ ස්ථානවල ඇත. එම මූලද්‍රව්‍ය අතරින් ජීවී දේහ නිර්මාණයවීම සඳහා වැඩි වශයෙන් ම ඉවහල් වී ඇත්තේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් යනමූලද්‍රව්‍ය හතරයි. මීට අමතර ව ජීවීන්ගේ පැවැත්ම සඳහා සල්ෆර්, පොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් හා ක්ලෝරීන් ආදී මූලද්‍රව්‍ය අත්‍යවශ්‍ය වේ.
Post Top Ad
Responsive Ads Here
Sunday, November 19, 2017
Subscribe to:
Post Comments (Atom)
Post Top Ad
Responsive Ads Here
කර්තෘන් පිළිබඳව
මෙම බ්ලොග් අඩවිය සඳහා සම්පත් දායකත්වය ලබාදීම සඳහා රජයේ පාසල් උගන්වනු ලබන ගුරු භවතුන්ගේ දායකත්වය ලබා දී ඇත.
No comments:
Post a Comment