වදන් සැකසීම - e-පංතිය

නව පාඩම්

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, November 18, 2017

වදන් සැකසීම


මෙවර ඔබේ පාසලේ කලා උළෙල ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විය යුතු බව විදුහල්පතිතුමා විසින් ඔබ සැමට දැනුම් දෙන ලදි යැයි සිතන්න. කලා උළෙලට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම ඔබ ඇතුළු කණ්ඩායමට පැවරී ඇති කාර්ය වේ. ඒ අනුව,

  • ආරාධනා පත් නිර්මාණය,
  • දෙමාපියන් දැනුම්වත් කිරීම සඳහා ලිපි සකස් කිරීම,
  • සහතික පත්‍ර නිර්මාණය,

ආදි ලිපි ලේඛන සකස් කිරීමට අවශ්‍ය ව ඇත. ඒවා මනා නිමාවකින් සමන්විත විය යුතු ය¦ එසේ ම මුද්‍රණය කළ යුතුය. අවශ්‍ය ලේඛන කටුසටහන් කර ගත් ඔබ එයට යොදා ගතයුතු මාධ්‍ය පිළිබඳ අදහස් විමසති.

ඒකහොඳ අදහසක්, ඒත් එක ම ප්‍රමාණයේ එක ම හැඩයේ අකුරු ලැඛෙන්නෙ නැහැ, අපි පුස්තකාලයේ ඇති යතුරුලියනය යොදා ගනිමුයි,ඒ තවත් යෝජනාවකි.

ඒත්ලස්සන අකුරු වර්ග ගන්නත් ඕන, පින්තූර තිබුණොත් තවත් ලස්සනයි, වටේට බෝඩරයක් යොදා ගත්තොත් හොඳ නිමාවක් ලැඛෙයි, යතුරුලියනයට එවැනි දේ කරන්න බැහැ නේද ?ඔබ මේ සඳහා සුදුසු ක්‍රමයක් ඔබ සොයා ගත යුතු ව ඇත.මෙසේ එදිනෙදා ජීවිතයේ දී විවිධ කාර්යයන් සඳහා ලිපි ලේඛන බහුල ව යොදා ගනු ලබන අතර ඒවා විවිධ ආකාරයෙන් සකස් කර ගැනීම වදන් සැකසීම වේ. 

පෑනක් පැන්සලක් උපයෝග කර ගනිමින් ලිපි ලේඛන සකස් කිරීමේ දී අපට අත් විදින්නට සිදු වූ ගැටලූ මගහරවා ගැනීමට පසු කලක දී යතුරු ලියනය යොදා ගන්නා ලදි. දෑතින් සකස් වූ ලිපි ලේඛනවලට වඩා පැහැදිලි බවක් එමගින් ලද නමුත් ලිපි ලේඛන විචිත්‍රවත් ලෙස හැඩසව් ගැන්වීම තැන්පත් කර තබා ගැනීම, අවශ්‍ය ප්‍රමාණයෙන් මුද්‍රණය කර ගැනීම ඇතුළු විවිධ ක්‍රි‍යා යතුරුලියනය මගින් කළ නො හැකි විය.

තාක්ෂණයේ දියුණුවත් සමග අපටදායාද වූ පරිගණකය ඒ සඳහා අපට යෝග්‍ය උපකරණය බව අප කවුරුත් පාහේ මේ වන විට වටහා ගෙන ඇත. එමගින් වදන් සැකසීමේ දී, වදන් සැකසුම් මෘදුකාංගයක් යොදා ගත හැකි ය. මෙම මෘදුකාංගය මගින්,


  • ලේඛන සකස් කිරීම සහ සංස්කරණය කිරීම (Creating and Editing)
  • පින්තූර වැනි වස්තූන් එකතු කිරීම (Insert objects)
  • සුරැකීම සහ විවෘත කිරීම (Saving and retrieving)
  • පෙර දසුන බලා ගැනීම සහ මුද්‍රණය කිරීම (Print Preview and Printing)
  • අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දෝෂ සෙවීම සහ නිවැරදි කිරීම (Spelling and Grammar checking)
  • වදන් සෙවුම සහ වෙනත් වචන ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීම (Find and replace)
  • තැපැල් මුසුව (Mail Merge)

වැනි පහසුකම් රැසක් ද සපයා ඇත‍.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here