චලිතය පිළිබද නිව්ටන් නියමය - e-පංතිය

නව පාඩම්

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, November 19, 2017

චලිතය පිළිබද නිව්ටන් නියමය


1. බලයේ ස්වභාවය හා එහි බලපෑම්

බලය යනු කුමක් දැ යි ඔබ මීට පෙර පන්තිවල දී හදාරා ඇත. යමක් තල්ලූකිරීමේ දී අප කරන්නේ බල යෙදීමකි. යමක් ඇදීමේ දී කරන්නේ ද බල යෙදීමකි. එසැවීම, තෙරපීම ආදී මේ සියල්ල ම සිදු වනුයේ බල යෙදීම හේතුවෙනි. නිශ්චල වස්තුවක් චලනය කිරීමට අප කුමක් කළ යුතු ද? එය චලනය කිරීමට අවශ්‍ය
දිශාවට බලයක් යෙදිය යුතු ය. එහෙත් බලයක් යෙදූ පමණින් ම එහි චලනය ඇරඹේ ද? 

මේසයක් තල්ලූ කර බලන්න. චලනය ආරම්භ නොවේ නම් යොදන බලය වැඩි කර තල්ලූ කරන්න. මෙසේ බලය වැඩි කරන විට එක් අවස්ථාවක දී එය චලනය වීම ආරම්භ වෙයි. මේසය තල්ලූ කළ ආකාරයට ම ඔබ තනිවම බසයක් තල්ලූ කළහොත් එය චලනය නොවේ. නමුත්  තවත් පිරිසකගේ ආධාරය ඇතිව බසය තල්ලූ කළහොත් එය චලනය වනු ඇත. එනම් යොදන බලය වැඩි කළ විට බසය චලනය වීම ඇරඹෙයි.

මෙම අවස්ථා දෙකෙහි දී ම සිදුවන්නේ වස්තුව මත යොදන බලය එම වස්තුවේ චලිතයට බාධා පමුණුවන යම් බලයක් අභිබවා ගිය විට එම වස්තුව චලනය වීම ආරම්භ වීමයි. එම වස්තුවේ චලිතයට බාධා පමුණුවන බලය ඝර්ෂණය නමින් හැඳින්වෙන ප්‍රතිරෝධී බලයකි.

අප යොදන බලය කුඩා නම් එම බලය ප්‍රතිරෝධී බලයසමග සමතුලිතතාවට පත්වෙයි. එවිට වස්තුවට යෙදෙන මුළු බලය ශුන්‍ය නිසා එය චලනය නොවෙයි. 

1 comment:

  1. වටිනා බ්ලොග් අඩවියක් .... පාඩමට අදාල රූප සටහනකුත් තිබුනනම් ගොඩක් වටිනව

    ReplyDelete

Post Top Ad

Responsive Ads Here